මෙරට තුල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව ඇති බවත් එම ආයතන මහ බැංකුව තුළින් නොවන වෙනම ආයතනයක් ලෙස පිහිටුවීමට හා ඒ මගින් ඒම ආයතන නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දිය.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා…..

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටට මහත් පිළිකාවක් බවට පත් වෙලා තිබෙනවා. කිසිම නීතියක්, නියාමනයක් නැහැ. මහ බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. පිළිගත් මූල්‍ය ආයතනවලින් ජනතාවට ණයක් ගන්න අපහසුයි. ඒවායේ නීතිරීති වැඩියි. ජනතාව වැඩි වශයෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ලබා ගන්නේ ඒ නිසයි.

මහ බැංකුව වෙනුවට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා වෙනම ආයතනයක් පිහිටුවිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සිදුකරන මෙම ක්‍රියාවන් තවදුරටත් සිදුකිරීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේවා පාලනය කිරීමට නව නීති පනත් ගෙන ඒමට ද කටයුතු කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page