බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් පමණක් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා පවසයි .

2023 ඔක්තෝබර් මාසය වෙද්දී රටේ මිලියන 22 ක , ජනගහනයෙන් දෙලක්‍ෂ තිස්පන්දහසක් පමණක් බදු ගෙවිම සදහා ලියාපදිංචි වී තිබෙන බවත් ඔහු සදහන් කර සිටියා .

පසුගිය දා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව සදහන් කලා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් …

රජයේ සේවකයන් ලක්‍ෂ 13 ක් අතර රුපියල් ලක්‍ෂයකට වඩා වැටුප් ගන්න අය ඉන්නේ විසිපන්දහසයි. දොළොස් ලක්‍ෂ හැත්තැපන්දහසක් විතර රජයේ සේවකයො ඉන්නේ රුපියල් ලක්‍ෂයකට වඩා අඩුවෙන් වැටුප් ගන්නා අය.

පෞද්ගලික අංශයේ හත්ලක්‍ෂ හැටපන්දාහක් ලක්‍ෂයට වඩා වැටුප් ගන්නා අය ඉන්නවා. නමුත් මහපාරට ගොස් ඇතැමුන් පාවිච්චි කරන වාහන දෙස බැලීමේදී විශාල බදු ගෙවිය හැකි පිරිසක් බදු නොගෙවා සිටින බවට හැඟෙනවා.

රාජ්‍ය සේවකයන් 25,200 ක් රජයට බදු ගෙවන බවත්, පෞද්ගලික අංශයේ ලක්‍ෂ 08 කට ආසන්න ප්‍රමාණයක් රජයට බදු ගෙවන බවත් එහෙත් පෞද්ගලික අංශ සේවකයන් විරෝධතා නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page