අධික වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ පාසල් 29 ක් දින නියමයක් නොමැතිව වසා දැමිමට තිරණය කල බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
මෙලෙස මුලතිවු දිස්ත්‍රික්ක තුල පාසල් හතක් මෙසේ වසා දමා ඇති අතර අනෙක් පාසල් විසිදෙක අවතැන් කඳවරු ලෙස භාවිතා කිරීම හේතුවෙන් වසා දමා ඇත .
ඒ අනුව මුලතිවු දිත්‍රික්කයේ පාසැල් දෙකක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නවයක් හා වවුනියාව දිස්ත්‍රික්කය පාසල් නවයක් මෙලෙස වසා දමා ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි
