පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවකු
හෑෂ් මත්ද්‍රව්‍ය පැකට් කර අළෙවි කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳව තොරතුරු ලැබිමෙන් පසු පේරාදෙණිය පොලීසිය විසින්
ඊයේ (22) අත්අඩංගුවට ගත් බව සදහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මුරුතලාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අදාළ ව්‍යාපාරය සිදු කරගෙන ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

පසුගිය දා ගන්නෝරුව ප්‍රදේශයේ දී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයකු ලබාදුන් තොරතුරු මත පොලීසිය නිල සුනඛ ‘‘ලූකස්‘‘ ගේ ද සහය ඇතිව විශ්වවිද්‍යාල සිසුවා නවාතැන් ගෙන සිටි අදාළ නිවස වටලා තිබෙන අතර එහි තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්රෑම් 15 ක් පොලීසිය සොයා ගෙන ඇත.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනකු අදාළ නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර මෙම වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් කමරයේ නොසිටි බව පොලීසිය පවසයි.

ඔවුන් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද යන්න සෙවීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම සිසුවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2014 කණ්ඩායමට අයත් බව ට තොරතුරු අනාවරණය වන අතර ඔහු විභාගවලට පෙනී නොසිටීම හේතුවෙන් මෙතෙක් උපාධිය ලබාගෙන නොමැති බව ද දැන ගන්නට තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page