විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි.

අවශ්‍ය නිර්දේශ නොලැබීම නිසා කොළඹ වරායේ ඖෂධ රැගත් නැව් පහළොවක් සිර වී ඇති බවත් තවත් ඖෂධ රැගත් නැව් කොළඹ වරායට ළඟා වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය පවසයි .

තවද ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ඖෂධ 129 ක් මවු සමාගම්වල සිර වී තිබෙන බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

මේ නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීමෙන් පාඩුවක් ලබන බවත් ගුදම්වල රඳවා තැබීමෙන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතු වන බවද මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ හතක් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇති බවය.

පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවූ බවත් වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවිම විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page