2024 වසරේ වැටී බදු සංශෝධනයත් සමග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.
එම සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්රල් සහ ලංකා ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දිමට තිරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 17 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 ක් වේ. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26 කින් ඉහළ දමා එහි නව මිල ලෙස රුපියල් 355 ක් ලෙස සදහන් කරයි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464 ක් වේ.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 475 ක් වේ.
සයිනොපෙක් සමාගම විසින් නිකුත් කර ඇති මෙම නව මිල ගණන් මීළඟ ඉන්ධන මිල සංශෝධනය ක්රියාත්මක වන තුරු බලපැවැත්වෙන බව ද එම සමාගම සදහන් කර සිටි .
