නව වැට් බදු සංශෝධනයත් සමඟ අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 366 කි.

95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 464 ක් ය.

ලංකා ඔටෝ ඩීසල් මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 358 ක් ලෙසයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 475 ක් ලෙසයි

මේ අතර, ලංකා භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236 ක් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page