මීට වසර කිහිපයකට ඉහතදී ගත් වැරදි දේශපාලන හා ආර්ථික තිරණ රට උග්‍ර ආර්ථික අර්බුදයකට අද දැමුවා සේම රට අභ්‍යන්තර ණය අර්බුදය දේශීය ව්‍යාපාරිකයන්ගේ මෙන්ම මධ්‍යම පාන්තික ජනතාවගේ ජන ජිවිතවලට බලපෑ හැකි බව ආර්ථික හා දේශපාලන විශ්ලේෂක තුසිත පෙරේරා මහතා සදහන් කරයි.

ල්රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දි සහ රජය ආර්ථිකය මෙහෙයවීමේ දි සිදුකරන ලද බහුතර තින්දු හා තිරණ පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩා වැටිමට බලපානු ලැබු බව සඳහන් කළ ඔහු….

සීයයට 15 ක් ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරිම , බැංකු පොළි අනුපාතය ඉහළ දැමිම , ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යාම, මුදල් අච්චු ගැසීම, බදු ප්‍රතිශතයන් අඩු කිරීම, බදු ගෙවන සීමාවන් ඉහල දැමීම, බදු නිදහස ලබාදීම, වැඩි පොලියට ණය ලබා ගැනීම,ණය ගෙවීම පැහැර හැරීම,ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු නොකිරීම යනාදිය ඒ සදහා මුල්වි ඇති බව දැක්විය හැකි බව ඔහු සදහන් කරනු ලැබුවා.

විදේශ ණය ප්‍රතිශතය දිගින් දිගටම ඉහළ යාමත් ලබාගත් ණය ආපසු ගෙවීමේදී ණය සහ පොලී වාරිකය ඉතා විශාල අගයක්ව පැවතිමත් හේතුවෙන් විදේශ සංචිත සීඝ්‍ර ලෙස පහළ යාම අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමට ද හේතු වු බව ඔහු සදහන් කරන ලදි.

ඒවන් අර්බුද හමුවේ අස්ථාවර වූ රට මේ වනවිට නැවත වතාවක් යම් ස්ථාවරයකට පත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන බවත් ඒය වර්තමාන ජනාධිපතිවරයා සහ රජය විසින් ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ සහ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිමය කරුණු හේතු වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මේ වන විට රට අභ්‍යන්තර ණය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් ඒය දේශීය නිෂ්පාදකයන්ට , ව්‍යාපාරිකයන්ට හා රටේ ජනතාවට ද බලපෑමේ අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙක් ( 3,129,000 ) බවත් ඒය ඔවුන් සතු දේපල අහිමි විමේ අවදානමක් බවත් , ඒය යම් ආකාරයකින් රටේ නිෂ්පාදනය පහළ වැටිමටත්, අපනයන සීමාවීමටත්, පරිභෝජන ප්‍රමාණය අඩු ව්මටත් බලපා හැකි බව පවසා සිටි

ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688,000 ක් අලුතින් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ ඔහු උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970,000 ක් පමණ වන බවද පැවසුවා.

මේ හේතුවෙන් ව්‍යාපාර කඩා වැටීමට හා ජනතාවගේ ජීවන මට්ටම පහළ වැටීමට වැඩි ඉඩක් ඇති බවත් ඒ වෙනුවෙන් කටයුතු කිරීම හා ඒ සදහා නිසි ක්‍රියාමාර්ගය ගැනීම වත්මන් ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව ද ඔහු අවධාරණය කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page