දිවයිනේ පොලිස් ස්ථාන 607 ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව සදහන් වේ.
අතර රථ වාහන මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය විශාල වශයෙන් සිදුවන බවත් පොලිස් රථ වාහන නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පුහුණුවලත් නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශය මෙම මෙහෙයුම් සඳහා යොදා ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර සිටී.
