චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සදහන් කර සිටියා .

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චිනයේ පෞද්ගලික සත්වෝද්‍යාන 20,000 ක් පමණ ඇති බවත් ඔවුන් අපගේ රිලවුන් ලබා ගන්න ඉතා කැමැත්තෙන් සිටින බවත් මිට් ප්‍රථම එක් පුද්ගලික සත්වෝද්‍යානයක් රිලව් ලක්ෂයක් ඉල්ලුම් කර සිටි බවත් ඔහු සඳහන් කලා…

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර ….

රිලව් ලක්ෂයක් චීනයට යවන්න අපි මුලින් ලෑස්ති වුණා.ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ රිලව් ගන්න.චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන විසිදාහක් පමණ තියෙනවා. නමුත් අවාසනාවකට මේකට ඉඩ දෙන්නේ නැහැ. දැන් අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා.

පරිසර සංවිධාන කීපයක් ඉදිරිපත් වුණා. දැන් වෙන විකල්ප මාර්ග වලට යන්න වෙනවා. අහිංසක මිනිස්සු වගා කරන දේවල් මේ සතුන් එක දවසෙන් විනාශ කරලා දානවා.පොල් ගෙඩි මිලියන පන්සීයක් විතර වාර්ෂිකව විනාශ වෙනවා

තුවක්කු දීපු අයට පතුරම් නැහැ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ගිනි අවි දෙන්න වේවි. ආරක්ෂක අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳමක් ලබාදෙන්න කියලා ඉල්ලනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page