මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දුන්නේ යැයි කියන දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා තරිඳු මදුශංක අධි චෝදනා තුනක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද( 08) කරුණු දක්වමින් පවසා සිටියා .
උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි සියයකට අධික දේපල ඔහු, ඔහුගේ බිරිඳ සහ සහෝදරිය සන්තකයේ පවතින බවත් මෙලෙස නිති වීරෝධි අන්දමින් උපයා ගත් දේපල පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.
සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි අතර දෙපාර්ශවය කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී .
රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප හයක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කලා.
එස්.පී. තරිඳු මදුශංක,ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී සහ සමන්තී නිර්මලා යන සැකකරුවන් මෙලෙස ඇප මත මුදාහැරීම සිදු කර ඇත.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් නීති විරෝධීව වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ධි කරන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන බවත් මෙම තරිඳු නමැති සැකකරු සම්බන්ධයෙන් තවත් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඔහු රුපියල් මිලියන 1000 කට අධික දේපළ තවදුරටත් මිලදීගෙන ඇති බවත් විමර්ශන මගින් අනාවරණය වු බව සදහන් කලා.
පාර්ලිමේන්තුව අවට කෝටි ගණනක් වටිනා දේපළ සම්බන්ධයෙන්ද අපි විමර්ශන ආරම්භ කර ඇති බවත් සැකකරුවන්ට ඇප ලබාදීම පරීක්ෂණ වලට බාධා ඇති විමට ඉඩ ඇති බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා අධිකරණයේන් ඉල්ලා සිටියා
සැකකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නිතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය.
මෙම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2022 වසරේදීත් මෙම කරුණම සඳහන් කළා.නමුත් මෙම නඩුවේ පළමු සැකකරු රුවන්ට කොන්දේසි විරහිතව ඇප නියම කිරීමට මහාධිකරණය තීන්දු කර තිබුණා.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර කරන්න හැමදාම මේ කරුණ කියනවා.විමර්ශන අවසන් කර අධි චෝදනා ගොනු කරනවා කියලා නීතිපතිතුමා පැහැදිලිවම කියලා තිබියදී විමර්ශනවලට බාධා කරන්නේ කොහොමද ස්වාමීනි,සැකකරුවන්ගේ දේපළ තහනම් කරල තියෙන්නෙ..විමර්ශනවලට බාධා කරන්නට ඔවුන්ට හැකියාවක් නැ.දේපළ තෙවැනි පාර්ශවයකට පවරන්න කොහොමටවත් බෑ.එම නිසා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා.
එම කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප නියම කරනු ලැබුවා .
