පසුගිය ආණ්ඩුව බලයට පත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදුන් පුද්ගලයකු ලෙස තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු යුද හමුදාපති සමගි ජන බලවේගය ප්‍රතිපත්ති සම්පාදක ප්‍රධානී ජනරාල් දයා රත්නායක සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා හොරෙක් හෝ වංචාකාරයෙකු යයි තමන් කිසිසේත්ම විශ්වාස නොකරන අතීතයේ දී ඔහු දක්ෂයකු බව ඔප්පු කර තිබුණත් ජනාධිපති වූ පසු ඔහු අතින් අඩුපාඩු රාශියක් සිදුවූ බවත් ඔහු සදහන් කලා.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්කොට පැත්තකට වී නොසිට පාර්ලිමේන්තු ගොස් වගකීම් දරමින් රට නිවැරදි මාවකට යොමු කරන බවද හෙතෙම තවදුරටත් සඳහන් කර සිටියා .
