දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ජනතාවගේ බැංකු තැන්පතුවලට හෝ එහි පොලියට කිසිදු හානියක් නොවන බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (26) පැවැසීය.

එමෙන්ම ජනතාවගේ ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. සහ විශ්‍රාම වැටුපට ද කිසිදු හානියක් නොවන බව ද ඇමැතිවරයා කීවේය.

ණය ප්‍රතිව්‍යූහගතකරණය ලෙස හඳුන් වන්නේ කප්පාදු කිරීමක් නොවන බවත් ණය කල් දැමීම, පොලිය අඩු කිරීම, ගෙවන කාලසීමාව දීර්ඝ කර ගැනීම වැනි දේවල් එහි අඩංගු බවත් හෙතෙම කීවේය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයකදී කිසිම දවසක අපි කපා හැරීමක් ගැන හිතන්නෙවත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. තැන්පතුකරුවන්ගේ මුදල්, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. සහ විශ්‍රාම වැටුප් ලබන අයගේ අරමුදල්වලට හෝ පොලියට කිසිදු හානියක් නැතැයි ද පැවසුවේය. තවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද ජනතාවගේ බැංකු තැන්පතුවලට හෝ එහි පොලියට කිසිදු හානියක් නොවන බවටත් සහතික වී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page