අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බවත් ඒ අනුව ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු වන බවත් ය.

මුදල් අමාත්‍යාංශයේ දි අද (13) පළාත් සභා නියෝජිතයන් අස්වැසුම වැඩසටහන සඳහා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් පැවැති හමුවක දී ඔහු මේ බව සදහන් කර සිටියා.

මෙම හමුව සඳහා පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි අතර සමාජ සුබ සාධන ක්‍රියාවලියට වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දෙන පළාත් සභා නියෝජිතයන්ගේ සහය අස්වැසුම දෙවැනි අදියරට ලබා ගැනීම තුළින් වඩාත් සුදුසු පිරිස ඊට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව උදාවනු ඇති බව ද සදහන් කලා.

විශේෂයෙන් ම සමාජ සේවා විෂය සඳහා පළ පුරුදු කාර්ය මණ්ඩලයක පළාත් සභා තුළ සිටින බවත් ඔවුන්ගේ මැදිහත් වීම තුළින් වඩාත් සාර්ථක ලැයිස්තුව අස්වැසුම දෙවැනි අදියර වෙනුවෙන් සකස් කිරීමට හැකියාව ලැබුණු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා

පළමු අදියරේ සිදු වූ යම් දුර්වලතා මගහරවා ගැනීම තුළින් මිලියන 2.4ක් වූ පිරිසක් දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තෝරා ගැනීමට නියමිත බවත් දැනට ප්‍රතිලාභ ලබන මිලියන දෙකකට ආසන්න පිරිස ඉක්මවා පිරිසක් සුබ සාධන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම මැතිවරණ ඉලක්ක කර සිදු කරන දේශපාලන ක්‍රියාවලියක් බවට එල්ලවන ඇතැම් චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සදහන් කලා.

වඩාත් විනිවිධභාවෙයන් යුතු මෙම ක්‍රියාවලියට මැදිහත්වීමට කිසිදු දේශපාලනඥයකුට නොව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පවා නොහැකි බවත් දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම ලබන 15 වැනිදි ආරම්භ කරනු ලබන අතර ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු ජූලි මස සිට සිදු කිරීමට නියමිත බවත් සදහන් කලා.

දෙවැනි අදියර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205 ක් වන අතර විරෝධතා සහ අභියාචනා සලකා බැලීමේ කටයුතු 90%ක් මේ වන විට අවසන් බවත් ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා සිටි පුද්ගලයන් 9,122ක් නුසුදුස්සන් බවට පත් ඇති බවත් හෙතෙම පැවසීය. කිසියම් පාර්ශ්වයක් සාවද්‍ය තොරතුරු මත ප්‍රතිලාභ ලබා ඇත්නම් ඒවා නැවත අයකර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහි දී අවධාරණය කලා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page