නීතිවිරෝධීව අයුරින් වත්කම් උපයා ඇති බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්රදේශයේ පදිංචිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවත් ඔහු සතුව රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්රදේශයේ වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.
පොලීසිය සඳහන් කරන්නේ වසර දහයක පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවත් ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක කරන බවයි.
