ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ සහාය අඛණ්ඩව හිමිවන බවත්, ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කලා..

ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරමින් පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සහාය පළ කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page