සිය දේශපාලන සහයෝගය ව්‍යවසායකත්වය රාජ්‍යක් ගොඩ නැගීම සඳහා අඛණ්ඩව ලබා දෙන බවට හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඊයේ (17) මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින් ප්‍රකාශ කල සිටියා .
සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම අරමුණු කර ගත් මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දි පවත්වනු ලැබිය..
ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසා සිටියා .
පසුගිය මාස කිහිපය පුරා දිස්ත්‍රික් සමුළු රාශියක් පැවැත්වීමෙන් අනතුරුව පැවති මෙම සමුළුව සඳහා විශාල ජනකායක්
පැමිණ සිටි අතර වැඩි දුර අදහස් දැක්වූ ඔහු ….
”ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන වෙනස ඇති කරනවා””මම දේශපාලනයට එන්න හිටි පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අපි විවිධ පුද්ගලයින්ට දේශපාලන ප්රවාහයන් විශ්වාස කරමින් සහයෝගය ලබා දුන්නා. අකමැත්තෙන් පය ගැහුවත් ඉතාම කැමැත්තෙන් මම දැන් මේ ගමන ඔබ වෙනුවෙන් යනවා. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යනවා. අපි මීට පෙර කාට සහය දැක්වුවත් ඒ විශ්වාසයක් මත පදනම්වයි ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මේ ආදරණීය ශ්‍රී ලංකාව කවද හරි දවසක ගොඩනගා ගෙන දියුණු රටක් බවට පත් කර ගන්නට හැකිවේවි යන විශ්වාසයෙන්
මේ රටට, ඔබ සියලු දෙනාගේම ජීවිතවලට වහාම දැනෙන වෙනසක් සිදුවන විප්ලවීය වෙනසක් සිදු කල යුතුයි . අපිට වැරදුනු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරලන්න. එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන. නමුත් අපි එන්නේ රටත් ඔබත් ඉදිරියට ගෙනයන ජීවිතය නගා සිටුවන ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයත් එක්ක. මේ රටට නැවත එක තැන පල්වෙන රටක් නොවෙයි. වඩා වේගවත්ව ඔබේ ජීවිතය දියුණුව කරා ගෙන යන විද්‍යාත්මක හා ප්‍රයෝගික වැඩ පිළිවෙලක් එය.
නමුත් අපි දැන් මව්බිම ජනතා පක්ෂයේ අපේ මේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඒ වගේම ඉතාමත්ම තරුණ කොටස් එක්ක ඔක්කොම එකතුවෙලා කණ්ඩායමක් හැටියට ලංකාවේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදු කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරමින් ඉන්නවා. අපිට දැනෙනවා මේ රටට දැන් හොඳටම මහන්සියි. ගොඩක් අමාරුයි. ඔබට බොහොම පැහැදිලිව ඔප්පු වී තිබෙනවා මේ රට අවුරුදු 75ක් තිස්සේම ඉදිරියට යා හැකි දර්ශනයක් මත පදනම් නොවූ දේශපාලනයක් කරපු නිසා තමයි අද අපිට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ
ඒ වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කරමින් ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කරන්නට අප කටයුතු කරනවා.
