අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ මහ ජනතාව නොසන්සුන්තාවට සහ බිය වැද්දවීමකට පොළඹවමින් ඒ පිළිබඳ බිල්ලකු මවා පෙන්වමින් විපක්ෂය ඇතුළු අනෙකුත් කණ්ඩායම් මේ උත්සහ කරන්නේ යළිත් රට ඉකුත් වසරේ ජූලි 09 වෙනිදා ඇති වූ තත්ත්වයට පත් කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (27) පැවසුවේය.
එදා මහා භීෂණයක් මවා පාමින් රටේ සම්පූර්ණ ආර්ථික සමාජ දේශපාලන ව්‍යාකූලතාවක් සහ අවුලක් සිදු කරමින් කඩා කප්පල්කාරී ලෙස කටයුතු කළ ආකාරය සිහිපත් කළ ඇමැතිවරයා යළිත් සාමාන්‍ය අතට රට පත්වෙමින් තිබෙන මේ මොහොතේ එය බිඳ දැමීම මෙවර ඔවුන්ගේ උත්සහය වී ඇතැයි පෙනෙන්නට තිබෙන බව ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ආර්ථික වශයෙන් යම් සාධනීය මට්ටමකට රට ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ වගකිවයුතු දේශපාලනයේ නියුතු පිරිසක් ලෙස අපද සහාය ලබාදෙමින් කටයුතු කරන බව සිහිපත් කළ ඇමැතිවරයා අවස්ථාවාදී කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නන්ගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට නොමඟ ගොස් කලහකාරී ලෙස හෝ ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
