ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එකකින් කෝටි දෙක බැගින් පගාවක් අරන් බාර් ලයිසන් 200 ක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

රට බංකොලොත් වෙලා තියෙන මේ මොහොතේ ආණ්ඩුව පගාව දෙමින් මේ සිදුකරන දේ තමන් බලයට පැමිණි පසු ඒම සියලු බලපත්‍ර අහෝසි කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කලා.

ඒ අනුව එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි 2ක කප්පම් මුදලක් ලබා ගැනීමක් සිදුවන බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදි.

එසේම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 6ක් ද දැනට ලබා දී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් ගුණසිරි නැමැත්තා නැවත පත් කර ඇත්තේ මේ සඳහා බවත් ඡන්දයට මුදල් එකතු කිරීමක් ද කියා සැක සහිත බැවින් මෙහි සත්‍යතාව අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායකවරයා සදහන් කලා.

මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ රටේ 41ක් ලක්ෂයක් වූ පාසල් දරු පරපුර වෙනුවෙන් බවත් තමා වරප්‍රසාදවලට යට වී බොරු නොකියන බවත් මේ කියන දේ වගකීමෙන් කියන බවත් මේ අනීතික බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ නැවත ලබා ගන්නා බවත් මේ සම්බන්ධ අංගසම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page