විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yōko Kamikawa මහත්මිය අතර සුවිශේෂී හමුවක් අද පස්වරුවේ සිදුවිය.

මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජපාන විදේශ ඇමතිවරියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයව දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී. එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුවත් කරන ලදී.

මෙම හමුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සහ නිරෝෂන් ⁣පෙරේරා යන අය සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page