ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද මෙතෙක් තම පක්ෂයෙන් එවන් සහාය ඉල්ලීමක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැල්ලවත්ත මයුරපති කෝවිල වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි..

ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ඔවුන් තවම තීරණය කර නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු සදහන් කර සිටියා

ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙක් තම පක්ෂයේත් ඉදිරිපත් කරන බවත් වර්තමාන ජනාධිපතිතුමාට සහාය දීමේ බලාපොරොත්තුවක් තවම නැති බවත් එවැනි සහයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලලා නැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page