ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර හතරකට ආණ්ඩුව මඟින් දිරි දීමනා ලෙස ලබාදී තිබෙන රුපියල් 15,000ක දීමනාව මෙන් රුපියල් 7,500ක දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරි සේවා සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එම සංගමය ඊයේ (06දා) තීරණය කර ඇත.

ක්ෂේත්‍ර හතරකට ලබාදී තිබෙන දිරි දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටුනොවීම නිසා දැනට ගෙන තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පවසයි

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සංවර්ධන නිලධාරීන් 16,000ක් පමණ සහභාගි වන බවත් ඒ හරහා අස්වැසුම, උරුමය, සහල් බෙදාදීම ඇතුළු ව්‍යාපෘති රැසකට බලපෑම් එල්ලවිය හැකි බවත් සූරියආරච්චි මහතා පවසයි ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page