අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ඇත .
2020 ජනවාරි මාසයේ සිට අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළ විජේරත්න මහතා නව දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමෙන් පසු 2024 අප්‍රේල් 2 වන දින එම තනතුරට නැවත පත් කරන ලදී.
එම පත්වීම දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට පටහැනි බවත්, එහිදී සුපිළිපන් සහ විනිවිද භාවයක් සහිත පටිපාටියක් අනුගමනය කර නොමැති බවත් TISL ආයතනය සිය පෙත්සම මගින් පෙන්වා දි ඇත
එබැවින් එම පත්වීම ශූන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස හෝ ඔහුව එම ධූරයෙන් ඔහුව ඉවත් කර නීත්‍යානුකූලව නව පත්වීමක් සිදු කරන ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වීමට අදාළ සියලුම සුදුසුකම් සහ නිර්ණායක විජේරත්න මහතා විසින් සපුරා නොමැති බව පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් වන අතර නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහ මහලේකම්, CIABOC සභාපති, එහි කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහ CIABOC අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඉල්ලුම් කර, ලැයිස්තුගත කළ අපේක්ෂකයින් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් වන තෙක් CIABOC අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජේරත්න මහතා කටයුතු කිරීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස TISL ආයතනය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
මෙවැනි අක්‍රමික පත් කිරීම් දිගටම සිදු වීමට ඉඩ හැරීම ඒ තුළින් රටේ ආර්ථිකයට සහ කීර්තියට ඇති විය හැකි හානි පිළිබඳව ද ඒම ආයතනය පෙන්වා දී ඇත.
මෙවැනි වැරදි පියවරයන් නිවැරදි කිරීමට ක්ෂණික පියවරක් නොගතහොත් දූෂණයට එරෙහි සටනේ විශ්වසනීයත්වයට මෙන්ම රටේ ආර්ථිකයට සහ ජාත්‍යන්තර කීර්තිනාමයට අහිතකර බලපෑම් ඇති කරනු ඇති බව පෙත්සම මගින් අවධාරණය කර ඇත.
