තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනමක් නියෝගයක් නිකුත් කරන ලදි.
‘ආක් ප්‍රේස්ටීජ්’ නමැති ඉන්දීය නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව් හට මෙසේ මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර ඒ පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටද නියම කර ඇත .
සිද්ධියට අදාලව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කල කොළඹ වරාය පොලිසියේ නිලධාරීහු නැංගුරම්ලා ඇති ඉන්දිය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කල බව ද වාර්තා කරයි .
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කරන ලදි..
