දිවයිනේ නිරිත දිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page