අනපේක්ෂිත ලෙස ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව මෙ වන විට ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇති බවත් අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page