මහනුවර – හැටන් ප්රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් සිදුවු අනතුරෙන් මියගිය පිරිස තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි .
හැටන් සිට මහනුවර බලා ගමන්ගත් එම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවි ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 ක් පමණ සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත
