ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති උපදෙස් දී ඇත.

මෙම නිවාස ව්‍යාපෘතියේ කටයුතු සැලසුම් සහගතව සහ කඩිනමින් අවසන් කිරීම සඳහා එහිදී ආයතන කිහිපයකටම විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරුණු අතර මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස ලබාදීම ප්‍රධාන කොටස් දෙකක් යටතේ සිදු කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් ආපදා අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත් ස්ථානවල වෙසෙන පවුල් වෙත නිවාස 2,026ක් ද ඉතිරි නිවාස සංඛ්‍යාව හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් ද වෙන් කෙරේ.

ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුවල පදිංචි මලෛගම් ජනතාව වෙනුවෙන් මෙම නිවාස හිමි වනු ඇත.

මෙම නිවාස ව්‍යාපෘතිය ද්විපාර්ශ්වික මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර එක් නිවසක් වෙනුවෙන් වැය කෙරෙන මුදල ඉන්දීය රජයේ දායකත්වය රුපියල් ලක්ෂ 28ක් ද ශ්‍රී ලංකා රජයේ දායකත්වය රුපියල් ලක්ෂ 4ක් ද වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙදි නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අදාළ වාර්තා කඩිනමින් ලබා දිය යුතු බවත්
ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවේදි උපදෙස් ලබාදෙන ලදි.

මෙම ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ඒකාබද්ධව ඉදිකරනු ලබයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page