ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජුනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය , කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023 ජුනි මාසය සදහා සියයට 12 ක් දක්වා පහත වැටී ඇත. එය 2023 මැයි මාසය සඳහා 25.2 % ලෙස වාර්තා වී තිබුණි..

2023 ජුනි මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 4.1 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර එය 2023 මැයි මාසයේ සියයට 21.5 ක් විය.

ජුනි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 16.2 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 මැයි මාසයේ දී සියයට 27.0 කි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page