අද (01) සිට ක්රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව විදුලි පරිභෝජනය කරන ඒකක ප්රමාණය අනුව පහත පරිදි ගාස්තු හා ස්ථාවර ගාස්තු අඩු කර ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇත.
එමෙන්ම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.
ඒකක 31 සිට 60 ට දක්වා කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 37 සිට රුපියල් 25 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා රුපියල් 550ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර තිබේ.
ඒකක 61 ත් 90 ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 400 දක්වා අඩු කර ඇත.
ඒකක 91 ත් 120 ත් ඒක්කයකට අය කර ගාස්තුව වෙනස් නොවන අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 ය රුපියල් 1000 දක්වා අඩු කර ඇත.
ඒකක 120 ට වැඩි පරිභෝජනය සදහා ගාස්තු වෙනස් කර නැත.
