මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදුවූ මරණ සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව
සෞඛ්‍ය අංශ තහවුරු කරයි .

මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000කට ආසන්න බවත්එම මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවත් සදහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියේ, සමස්ත රෝගීන්ගෙන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවය.

මෙම මාසය මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 15,000කට ආසන්න වෙමින් පවතින අතර ඒය රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාමක් ව් ඔවුන් පෙන්වා දෙයි.

IDH (අංගොඩ බෝවන රෝග විද්‍යායතනය), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විටත් සිය උපරිම ධාරිතාවට ළඟා වීම හේතුවෙන් වත්මන් තත්ත්වය පාලනය කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස්, රට තුළ ඩෙංගු ‘අධි වසංගත’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page