සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කළ කාලය තුළ මෙම ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි, මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරයි.
අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
