ඇතැම් රටවල් විසින් වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයට සමගාමීව පසුගියදා පැවති රැස්වීමක් අමතමින් ජිනීවාහි චීන නියෝජිත පිරිසේ ඉල්ලා සිට ඇත.
එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට මෙය දැඩි ලෙස බාධා කර ඇති බව චීනය සඳහන් කරයි.
අසාධාරණ ඒකපාර්ශ්වික සම්බාධක වෙනිසියුලානු ජනතාවගේ මූලික මානව හිමිකම්වලට බරපතල ලෙස බලපා ඇති බැවින් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් ඔවුන් එහිදී අවධාරණය කළේය.
පසුගියදා වෙනිසියුලාව වෙත බලපෑ ප්‍රබල භූකම්පනයෙන් පසු චීනය එරට රජයට සහ විපතට පත් ජනතාවට සහාය වෙමින් හදිසි මානුෂීය ආධාර ලබා දෙමින් සිටින බවත්, ඔවුන්ට මෙම ව්‍යසනය ජයගෙන හැකි ඉක්මනින් තම ජීවිත යළි ගොඩනඟා ගැනීමට ඇතැම් රටවල් වෙනිසියුලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම දුෂ්කර වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.
