අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇතිකර ගත් සටන් විරාම ගිවිසුමෙන් පසුව දෙරට අතර මූලික සාකච්ඡා අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් හි පැවැත්වීමට සැලසුම් කර ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි මුලික අරමුණයි.
මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට අමතරව මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්‍යය සහ පකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.
