ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ 65 වන වාර්ෂික මහා සභා සැසිවාරය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා….

ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත, ගුණාත්මක, ඵලදායී හා දැරිය හැකි මිලකට ඖෂධ අඛණ්ඩව සහ කඩිනමින් ලබාදීම සඳහා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු හා නවීන අවශ්‍යතාවන්ට අනුකූල නියාමන පද්ධතියක් ඇති කිරීමක්….

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වසර 65ක කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ඉටුකර ඇති මෙහෙවර අගය කළ යුතුය .

ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියක ශක්තිය තීරණය වන්නේ වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් පමණක් නොව, අවශ්‍ය මොහොතේ රෝගීන් වෙත අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව සැපයිය හැකි ශක්තිමත් සැපයුම් හා නියාමන පද්ධතියක් පැවතීමෙන්.

ඖෂධ යනු සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් නොව සෑම ඖෂධයකම පිටුපස සුවය අපේක්ෂා කරන රෝගියෙකුත්, තම ආදරණීයයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා සිටින පවුලකුත්, ජීවිත රැකගැනීම සඳහා කැපවන සෞඛ්‍ය වෘත්තිකයන් සිටිනවා…

මෙම සියලු පාර්ශ්ව එක්ව ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතියක සාර්ථකත්වය එක් ආයතනයක ක්‍රියාකාරිත්වය මත නොව, සමස්ත පද්ධතියේ සහයෝගීතාව මත රඳා පවතිනවා.

පසුගිය වසර කිහිපය තුළ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය, ගෝලීය සැපයුම් දාම බිඳවැටීම්, විනිමය අනුපාත අස්ථාවරභාවය සහ ජාත්‍යන්තර ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් ඖෂධ ක්ෂේත්‍රය දැඩි අභියෝගවලට මුහුණ දුන්නා..

එවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ වෘත්තීයභාවයෙන් සහ වගකීමෙන් කටයුතු කලා.

ගැටුම්වලට වඩා නිර්මාණාත්මක සංවාදය, සාක්ෂි මත පදනම් වූ සාකච්ඡා සහ ප්‍රායෝගික විසඳුම් තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සියලු තීරණවල කේන්ද්‍රස්ථානය රෝගියා විය යුතු බවද අවධාරණය කලා.

රජය ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම නියාමන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැපවී සිටින බවත්, නියාමනය සංවර්ධනයට බාධාවක් නොව මහජන විශ්වාසය ගොඩනැගීමේ මූලික පදනමක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

රජයේ අපේක්ෂාව ආරක්ෂිත, ගුණාත්මක හා දැරිය හැකි මිලකට ඖෂධ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කාලෝචිතව ලබාගත හැකි සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීම බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අඛණ්ඩ සහයෝගීතාව, අවංක සංවාදය සහ අන්‍යෝන්‍ය ගෞරවය තුළින් පමණක් එම ඉලක්ක ජයගත හැකි බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page