ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ඔවුන්ගේ ආරාධනාවක් අනුව ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය ජූනි 28 දින ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රාන්ත පුරා විහිදුනු විශාල කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයක් වන කොස්තා ව්‍යාපාර ජාලයේ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පිහිටා ඇති කොස්තා බිම්මල් ගොවිපොළ නිරීක්ෂණය සඳහා එක් වී තිබේ.

එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳිද එක්වී තිබිණි.

කොස්තා බිම්මල් ගොවිපොළ එරට ප්‍රධාන තැනක් ගන්නේ එය බටහිර ඕස්ට්‍රේලියාව තුළ එදිනෙදා බිම්මල් අවශ්‍යතාවයෙන් 80%ටත් වඩා ප්‍රමාණයක් වෙළදපොලට සපයන බැවිනි. ඔවුන්ගේ සතියක බිම්මල් නිෂ්පාදන ධාරිතාව ටොන් 80-90ක්‌ තරම් ඉහළ අගයක් ගනියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page