නෙදර්ලන්තයට එරෙහිව ඊයේ(02) පැවති ක්‍රිකට් තරගයේ දී ICC චර්යාධර්ම කඩ කිරීමේ වරදක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 50%ක මුදලක් කපා දමනු ඇති.

වනිඳු දැවී යාමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව යාමේ දී ඔහු විසින් හතරේ සීමාවට ආක්‍රමණශීලි ලෙස පහර දීම අදාළ වරද වනවා.

එම වරද වනිඳු විසින් පිළිගැනීම නිසා ICCය ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවයි.

මේ අතර එම තරගයේදී අබාධයකට ලක් වූ ළහිරු කුමාර යළි දිවයිනට එවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවීමටයි නියමිතව ඇත්තේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page