ශ්රී ලංකා ක්රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද සමත් විය.
Super six වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ.
තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්රී ලංකාව මේ වන විට මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගි වූ තරග හයම ජය ලබා අපරාජිතව ප්රසාද ලකුණු 8 ක් සමගින් ප්රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි.
අද (2) පැවැති තරගයෙන් ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලබා ගන්නා ලදි .
ශ්රී ලංකා පිල ලකුණු 166 ක ජයග්රාහි ඉලක්කය ඕවර 33.1 කදී එක් කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (නොදැවී 101) සහ දිමුත් කරුණාරත්න (30) ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්රහණය පහසු කළහ.
පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 102 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
මහීෂ් තීක්ෂණ (25/4) සහ ඩිල්ෂාන් මධුසංක (15/3) දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිල ලකුණු 165 කට සීමා කිරීමට සමත් වූහ.
සීන් විලියම්ස් පන්දු 57 කදී හතරේ පහරර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 165 (සීන් විලියම්ස් 56, සීකන්දර් රාසා 31, ඩිල්ෂාන් මධුසංඛ 15/3, මහීෂ් තීක්ෂණ 25/4, මතීෂ පතිරණ 18/2) ශ්රී ලංකා පිල ඕවර 33.1 කදී කඩුලු 1 ට 169 (පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25)
