කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධී පෝටර් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
සෞඛ්‍ය ආමාත්‍යාංශයේ විමර්ශන නිලධරීන් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ ජාතික රෝහලේ 11 ගේට්ටුව අසල පිහිටි වැඩ අංශය පරික්ෂා කිරීමේ දී මෙම පෝස්ටර් තොගය සොයාගෙන ඇත.
විවිධ සටන් පාඨ සහිත මෙම පෝස්ටර් ඉදිරියේ පැවැත්වෙන උද්ඝෝෂණ වෙනුවෙන් සක්ස්කර ඇති ඒවා බවට සැකකරේ.
විම්ර්ශන නිලධාරීන් විසින් මෙම පෝස්ටර් තොගය වැඩිදුර විමර්ශනක සදහා මරදාන පොලිසියට බාර දී ඇත.
මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඇපලතොටුව මහතාගේ නියමයෙන් පරීක්ෂණ පැවැත්වේ.
