හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටෙයාර් 5000ක ඉදිරි මහ කන්නයේදී බඩ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහනට උපදෙස් දී තිබේ.

අනුරාධපුර , මොණරාගල , අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල හෙක්ටෙයාර් 16,000ක බඩ ඉරිඟු වගා කිරීමට එම ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත. මේ යටතේ උසස් බඩ ඉරිඟු බීජ, බිම් සැකසීම හා පොහොර ආදී සියලු කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය නොමිලයේ ලබා දීමටකටයුතු සංවිධානය කර් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාව මින් පෙර සාර්ථකව ක්‍රියාත්මක වුනද පසුකාලීනව ගොවීන් ඉන් ඈත් වී තිබේ.

නමුත් නැවත වරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාව ආරම්භ කිරීම සඳහා ඊට සුදුසු ගොවීන් තෝරා ගැනීම කිසිදු දේශපාලන භේදයකින් තොරවසිදු කළයුතු යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page