මාලබේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කර පලා ගොස් සැඟව සිටි පොලිස් සැරයන්වරයා නීතිඥවරයකු මාර්ගයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (19) ඉදිරිපත් වී තිබේ.

කඩුවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත ඩබ්ලිව්. එම්. ආර්. බණ්ඩාර චන්ද්‍රසේකර නැමැති මෙම සැරයන්වරයාව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මෙම සැරයන්වරයා රාජකාරිමය ගැටලුවක් මත රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වීමකින් අනතුරුව ස්ථානාධිපතිවරයාට පහරදී සිය රාජකාරි ගිනි අවිය පෙන්වා තර්ජනය කර ඇත්තේ පසුගිය 15 වැනිදාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page