පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙරටදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක් වන අතර, එම කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය ජූලි 16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන අතර, දෙවැනි සහ අවසන් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ සංචාරය සඳහා පාකිස්තාන කණ්ඩායම ලබන මස 9 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන් 11 සහ 12 දෙදින පුහුණු තරගයකට එක් වීමට නියමිතය.

මේ ටෙස්ට් තරගාවලිය 2023-2025 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වන අතර, කණ්ඩායම් දෙකම එම තරගාවලිය ආරම්භ කරන්නේ මේ තරගාවලියෙනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page