රජය විසින් ඉදිරිපත් කල දූෂණ විරෝධි පනතේ වැරදි සොයන විපක්ෂයේ මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී ඉදිරිපත් කල කිසිදු පනතකින් මේ රටේ වංචා, දූෂණ වැලැක්වීමට නොහැකි වු බවත් එමගින් සිදු වුයේ වංචා දූෂණ වැඩිවීම පමනක් බව ජනාධිපති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කල මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අදහස් දැක්වු ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු ජනාධිපතිතුමා කඩා වැටුණු රටක් බාරගෙන ගැටළු ගණනාවකට මේ වන විට විසදුම් ලබා දී තිබෙනවා. ඩොලරයේ අගය අඩු වෙලා තියෙනවා..භාණ්ඩ 300ක පමණ ප්‍රමාණයක් මේ ගේන්න ඉඩ දීලා තියෙනවා. රටේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේක ස්ථාවර මට්ටමක තියෙනවා..බංකොලොත් වෙච්ච රටකට මේක සාධනීය තත්ත්වයක්.. සංචාරක කර්මාන්තය දියුණු වෙලා එමගින් විදේශ විනිමය උපයන තැනට ඇවිල්ල තියෙනවා. ඖෂධ ගේන්න නැවත ඉන්දියාවෙන් ඩොලර් ලැබිලා තියෙනවා..දැනට තියෙන ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ හිඟය යම් ප්‍රමාණයකට වළක්වන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.
දූෂණ කොමිසම චන්ද්‍රිකාගේ කාලේ ගෙනාවෙ GL පිරිස්..එයා ගෙනාපු පනතේ අඩුපාඩු තිබුණා..එයාට ඒක කරන්න බැරි වුණා.. අද රජය කරන හැමදේම ජී. එල්. පීරිස් විවේචනය කරනවා..විපක්ෂ නායක අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව ප්‍රකාශ කරලා තිබුණා..එයාට තියෙන්නෙ සිහින..
දූෂණ විරෝධී පනත අපට ඕනෙ එකක් නෙමෙයි ද..සමහර අය පනත් කියවන්නෙත් නෑ..එහෙම අයත් ඉන්නවා..
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් දාන්න යෝජනා කරල තිබුණා.. එල් එම් ඡි බලාගාර දෙකක් දෙන්න කටයුතු කරලා තියෙනවා..ඉන්දියාවේනුත් බලාගාරයක් දෙන්න තීරණය කරලා තියෙනවා..
මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය රටට දෙන්නත් ප්‍රකාශ කරලා තියෙනවා..සමගි ජන බලවේගය මේ IMF ගිවිසුමට විරුද්ධයි කියලා කියනවා..එයාලා දේශපාලන මෙහෙයුමක ඉන්නේ.. ජනතාව ඒවට කැමැති නැහැ..
මේ දිනවල මානව හිමිකම් සැසිය ජිනීවා වල නැවත ආරම්භ වෙලා තියෙනවා..රටක් විදියට ජාත්‍යන්තර සබදතා කළමනාකරණය කර ගත යුතුයි.. ලෝක නායකයෙක් තමයි ලංකාව පාලනය කරන්නෙ කියලා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කරමින් සිටිනවා..එය මේ රටේ ජනතාව ලැබු ජයග්‍රහණයක් යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
