විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට මහපොළ දීමනාව ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වුණා.
ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා විසින් අදාළ ගැටලුව යොමු කරමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාල සිසුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් සිසුන් සියදිවි නසා ගැනීම් සඳහා ද යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන් 15,000කට පමණ මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.
කෙසේවෙතත් එම මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ පවතින මුදල් අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය තුළ අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page