ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙහිදී පළමුව තේ අපනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වටිනා ඉන්ධන වෙනුවෙන් වන ගෙවීම් පියවීමටය.

එම ගිවිසුමට අනුව මසකට අමෙරිකානු ඩොලර් මිලියන 05ක් වටිනා තේ මාස 48ක් පුරා ඉරානයට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

බාටර් ට්‍රේඩ් නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉරානයට අපනයනය කරන මෙම තේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් සිදුකිරීමට නියමිතය.

එමෙන්ම ඉරාන තේ ආනයනකරුවන් ඉරාන ජාතික තෙල් සමාගම සඳහා රියාල් මගින් අදාළ ගෙවීම් කරනු ඇති බව වාර්තා වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page