රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඉතා දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම, ඖෂධ හරහා කළ වංචා දුෂණ යනාදී සියල්ල එකට ගත්විට සමස්ත ආණ්ඩුව මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
