දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තුවේ පුළුල් සංවාදයකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඊයේ (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට කාලය ගැනීමට බව පවසමින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම ගැටලු සහගතයි. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් පනවා නැති පසුබිමක ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමට යෑමෙන් මූල්‍ය ස්ථාවරත්වය බිඳ වැටීම සහ ආර්ථික පුනර්ජීවනය සඳහා කර්මාන්තකරුවන්ට ණය දීමට බැංකුවලට ඇති හැකියාව අහිමි විය හැකියි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතිශය සංවේදී කාරණයක්. ඒ නිසා තමයි ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියන ස්ථාවරයේ හිටියේ. මූල්‍ය අරමුදලේ බල කිරීමට තමයි ආණ්ඩුව ඒකට එකඟ වුණේ. නමුත් මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියා නෑ.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page