ලෝක බැංකුව විසින් අයවැය සහ සුබසාධන සඳහා සහයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය ආධාර අනුමත කර තිබෙනවා
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන මූලික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම, දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මත වත්මන් සහ අනාගත කම්පනවල බලපෑම අවම කිරීම වැනි කරුණු සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙය අනුමැති කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
