සමෘද්ධි බැංකු ජාලය ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක බැංකු පද්ධතියක් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීති-රීති සහ අනිකුත් කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව සහ සමෘද්ධි බැංකු ජාලය සහ සමෘද්ධි දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා සිදුකරමින් පවතින බව ද මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රම හරහා කිසිදු අඩු ආදායම් ලාභියකුට හෝ රජයේ සහන අවැසි සුදුස්සන්ට හෝ අසාධාරණයක් සිදු නොවන තැනට වගබලා ගැනීම රජයේ අරමුණයි. නමුත් දිගින්දිගටම යැපුම් මානසිකත්වයෙන් ජනතාව තබා ගැනීම සිදු කිරීමට රජය සූදානම් වන්නේ නැත. වසර දෙක තුනක් ඇතුළත අඩු ආදායම් ලාභීන් දිරියෙන් සවිබල ගැන්වූවන් ලෙස සමාජගත කිරීම රජයේ අරමුණයි. එම අරමුණ ජය ගැනීමට රජය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු පෙරදාටත් වඩා සවිබල ගැන්වීම වැඩිදියුණු කිරීම සඳහා යොමුකරමින් මෙහෙය වීමට බලාපොරොත්තු වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page