ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා ප්‍රථම වරට ඍජු මගී ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳව දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ අතර විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(30) පැවැත්වුණා.

ඒ අනුව නව ගුවන් සේවාව ආරම්භ කිරීම පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවයක් සඳහා පැමිණීමට දෙරටේ සිවිල් ගුවන්සේවා අංශ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලයෙන් පැමිණි ගුවන් සේවා අංශයේ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමේදී කටුනායක ගුවන් තොටුපල සහ අවට පරිශ්‍රයේ පවතින ආරක්ෂක තත්ත්වයන් පිලිබඳවය.

ඒ අනුව දෙරටේ සිවිල් ගුවන් සේවා අංශ අතර අවබෝධතා ගිවිසුමක් නුදුරේදීම අත්සන් කිරීමට නියමිත බවත්, ලබන ඔක්තෝබර් මස සිට ඊශ්‍රායලයේ Arkia ගුවන් සේවයට අයත් ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page